එළඹෙන 21 වැනිදා විපක්ෂය විසින් එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට සහභාගී නොවන බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේශන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ වන විට සමඟි ජන බලවේගය, සර්ව ජන බලය, ජාතික නිදහස් පෙරමුණ ද එම රැළියට සහභාගී නොවන බව ප්‍රකාශ කර ඇත.
”මහා ජන හඬ” ලෙස නම් කර ඇති එම රැළිය ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්වන එමෙන්ම ජනතාවට දුන් පොරොන්දු ඉටුකරවා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන බවයි මේ සම්බන්ධයෙන් පූර්ව මාධ්‍ය දැනුවත් කිරීමේදී පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, සමඟි ජන බලවේගය ඇතුළු පාර්ශව ඒකාබද්ධව මෙම විපක්ෂ එකමුතුව නිර්මාණය කර තිබුණද 21 රැළියට සමඟි ජන බලවේගය සහභාගී නොවන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙම රැළියට සහභාගී වුවද එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත ඊට සහභාගී නොවීමට තීරණය කර තිබේ.





