හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපොළ පණත යටතේ චෝදනා ගොනු කර ඇති නඩුව අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.
ඔහු සිය ජනපති ධුර කාලසීමාවේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩන් නුවර වෙත යාම සඳහා රජයේ මුදල් භාවිත කර ඇති බවට වන චෝදනාව නගා පැමිණිල්ල ගොනුකර තිබේ.
රකාශයක් ලබා දීම සඳහා 2025 අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ අතර, නඩුව 2025 ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළාය.
නඩුව අද කැඳවෙන්නේ ඒ අනුවයි.





