/ Jul 28, 2025

සාමාන්‍ය පෙළ විෂයන් ගණන අඩු කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දැනට පවතින විෂයන් 9 වෙනුවට විෂයන් 7 දක්වා අඩු කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ යෝජනා කර ඇතැයි වාර්තා වේ.

නව ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය සහ සෞන්දර්යය විෂයන් අනිවාර්ය විෂය ගොන්නෙන් ඉවත් කර ඇති බවට මේ වන විට දැඩි විවේචන මතුව ඇත. උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන ඇමැති අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කාල පරිච්ඡේද සංඛ්‍යාවද 7කට අඩු කර පරිච්ඡේදයක කාලය විනාඩි 50ක් කිරීමට යෝජනා වී තිබේ. 2026 වසරේ ජනවාරි මස සිට මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top