/ Apr 30, 2026

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව කරළියට!

ආණ්ඩුව විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ කටයුත්ත සඳහා සූදානම් වන බව ආරංචිමාර්ග වාර්තා පළ කරයි. මෙය නව රජයේ ප්‍රධානතම පොරොන්දුවක් වන අතර ජාතික ජනබලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ දසක ගණනාවක ඉල්ලීමකි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.

එහෙත් මේ වනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමක් හෝ ඊට අදාළ මූලික කටයුතු සිදුවී නොමැත.

කෙසේ වෙතත්, මේ වන විට ජනපතිවරයා විසින් ම ඒ සම්බන්ධ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවයි පැවසෙන්නේ.

විපක්ෂය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම යෝජනාව ගෙන ඒමට සූදානම් වන බවට වන ආරංචි මෙම යෝජනාව ඉක්මන් කිරීමට හේතු වී තිබෙන බවද සමහර නිල නොවන වාර්තා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top