අප්‍රේල් 10 එනම් හෙට සිට එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන ඇතැම් භාණ්ඩ සඳහා 84%ක තීරු බදු පනවන බව චීනය නිවේදනය කර ඇත. එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරන විද්‍යුත් මෝටර් රථ සඳහා 104%ක ආනයන බද්දක් පැනවීමට එකට එක කිරීමක් ලෙස මෙම පියවර ගත් බව සඳහන්.
මෙම නව තීරු බදු ප්‍රතිශත අනුපාතය (104%) පෙර සඳහන් කළ ගණනට වඩා වැඩි බවයි චීනයේ මුදල් අමාත්‍යංශය පවසා සිටින්නේ.
කෙසේ වෙතත් මේ වන විට වෙළඳ යුද ආතතියක් දෙරට අතර පැන නැගී තිබේ. චීනය පවසා තිබුණේ මෙම ක්‍රමය තමා සමඟ ගනුදෙනු කිරීමට උචිත ක්‍රමය නොවන බවයි.