/ Feb 13, 2026

හයිලෙවල් පාරේ ඔට්ටුවට තනි රෝදෙන් බයික් පැදලා : 18ක් අල්ලයි!

මුදල් ඔට්ටුව සඳහා හයිලෙවල් මාර්ගයේ ඝෝෂාකාරී ලෙසින් තනි රෝදෙන් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18ක් අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදි 11 ක් සහ ත්‍රීරෝද ර්තයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පිරිස වට්ස්ඇප් සමූහයක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට මෙවැන්නක් කිරීමට සූදානම් වන  බව මහරගම පොලිසියේ රථවාහන අංශයට තොරතුරක් ලැබී එහි නිලධාරියෙක්ද එම සමූහයට එක්ව තිබේ.

කෙසේ වෙතත් මෙසේ මහ හඬ නංවා යතුරුපැදි ධාවනය ගැන පන්නිපිටිය ජනතාවගෙන් පොලිසියට පැමිණිලිද ලැබී තිබේ.

පසුගිය 13 වැනිදා මේ පිරිස යතුරුපැදි පදවන අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

පිරිස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top