/ Jun 27, 2026

ප්‍රකට නිළි අයිරාංගනී ගැන පැතිරෙන කටකතා අසත්‍යයි!

සම්මානනීය නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සම්බන්ධයෙන් ඇය අභාවයට පත් වූ බව පවසමින් සමාජ ජාල තුළ පළවෙන පුවත් අසත්‍ය බව කලාකරු දයාන් විතාරණ පවසයි.

සියල්ල ව්‍යාජ පුවත්
අයිරාංගනී සේරසිංහ මහත්මිය නිවසේ සතුටින් දිවි ගෙවනවා.
කලබල වෙන්න දෙයක් නෑ. බුදු සරණයි!

යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දයාන් පවසා තිබේ.

පසුගිය ජුනි 09 දා අයිරාංගනී සේරසිංහ මහත්මිය සිය 98 වැනි උපන්දිනය සමරනු ලැබුවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top