/ Jun 08, 2026

මහින්ද කඩාවැටුණු හැටි සබ්‍රි කියයි

රාජපක්ෂ පාලනයේ ජනප්‍රියත්වය පිරිහීමට ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය බලපෑ බව හිටපු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කියයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් පසුව හිටපු ජනාධිපති ගේ ජනප්‍රියත්වය වේගයෙන් හීන වීමට පටන් ගත් බව හිටපු ඇමැතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත.

ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූවන්ට බොරු චෝදනා එල්ල කර අයුතු ලෙස සැලකීම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම දුරදිග යන ප්‍රතිවිපාක සහිත බරපතළ ක්‍රියා බව අලි සබ්‍රි එහි අවධාරණය කර තිබේ

දේශපාලන බලය තාවකාලික වුවද ආයතන සහ මහජන විශ්වාසය එසේ නොවන බව ද ඔහු පවසා ඇත.

ඉතිහාසය ජාතීන්ට පාඩම් උගන්වන අතර ප්‍රඥාවන්ත ජාතීන් එම පාඩම්වලින් ඉගෙන ගන්නා බව ද අලි සබ්‍රි සිය සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top