නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද (09) දින කොමිසම වෙත කැඳවා තිබුණි. එහිදී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.





