තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව සුදුස්සන්ට අතිමහත් බහුතරයට මේ තෙල් සහනය ලබා දිය යුතු බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට, උග්‍ර පොහොසතුන්ට මේ තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දීමට රජය මුල පිරිය යුතුය අතර අප රටේ ඇති රජය වැඩිම ප්‍රතිශතයකින් තෙල් මිල වැඩි කිරීමට කටයුතු කර ඇති නිසා දැන්වත් මැතිවරණ පොරොන්දුවක් වූ තෙල් මිල අඩු කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති හමුවක් අමතමිනි.
මේ මොහොත වන විට ඉන්ධන මිල ඉහළ දැමීම නිසා රටේම ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බවත් රජය මැතිවරණ සමයේ වූ පොරොන්දු දැන්වත් ඉටු කළ යුතු බවත් වරායේ ගොඩබාන මිලට තෙල් දෙන බවත් තෙල් සදහා අය කරන බදු ඉවත් කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවත් හෙතෙම කියා සිටියි.
කොමිස් මුදල්, වැට් බදු, අධිභාර බදු. රේගු ආනයන බදු ආදිය ඉවත් කිරීම මැතිවරණ පොරොන්දුවක් නිසා ඒවා ඉටු කළ යුතු බවයි හෙතෙම පවසන්නේ.
තෙල් මිල ඉහළ යාම නිසා සෑම ක්ෂේත්රයක්ම මේ වන විට කඩා වැටෙමින් පීඩනයට ලක්ව ඇති බවත් රජයේ ප්‍රතිපත්තිය ආර්ථික සංකෝචනය කිරීමේ ප්‍රතිපත්ති වීම රටට හනිදායක බවත් හෙතෙම පෙන්වා දෙයි.
රටේ ජනතාව ජීවත් වීමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ සඳහා සෑම ක්ෂේත්රයකටම බලපාන ඉන්ධන මිල නිසි පරිදි කළමනාකරණය කර රජය සහයෝගය දිය යුතු බවත් ට්‍රිලියන ගණනාවක් ඉතිරි කර ඇති බව පැවසූ නිසා දැන්වත් මේ මුදල් උපයෝගී කර ගෙන තෙල් මිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියි.





