ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ශෝකය පළ කර තිබේ.
ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත්තේ, පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බවය.
විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සම්පූර්ණ සටහන පහතින්,
“ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයින්ට පෙන්වූයේ නපුර පිටු දකින්නටත් සියලු යහපත සඳහා ක්‍රියා කරන්නටත්ය. අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ කිතු සමිඳුන් පෙන්වා දුන් මඟ මැනවින් හඳුනා ගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් විය. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල ජීවිතය පෙන්නූ මඟ මැනවින් හඳුනා ගැනීම උන්වහන්සේට කළ හැකි සැබෑ ගෞරවයයි. සර්ගස්ථ වූ අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු.”