ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම දැනුම් දෙයි.
අදාළ ලුණු තොග නිකුත් කිරීමෙන් පසුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිමට රජය තීරණය කළේය.
කෙසේ වෙතත් ලුණු මිල ඉහළ යාම ලබන මාර්තු මාසයෙන් පසු යළි යථා තත්ත්වයට පත් වනු ඇති බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගම පෙන්වා දෙන්නේ.