කොංගෝවේ ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 3,200 ඉක්මවා තිබෙන අතර සිදුව තිබෙන මරණ ගණන 1,405ක්ලෙස දැක්වෙයි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිතයන් හඳුනාගැනීම, ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරීක්ෂණය කිරීම, ප්‍රතිකාර සහ එන්නත්කරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බව කොංගෝ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද කොංගෝවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් පසුවෙන අතර රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොංගෝ බලධාරීන්ට අඛණ්ඩ සහාය ලබාදෙමින් සිටියි.






