හිටපු අමාත්‍යවරයෙක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩු හතක් නැවත විභාග කිරීමට අවසර දී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩු ගොණු කර තිබුණු අතර අදාල නඩු ගොනු කිරීමේ දී කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු අත්සන් තබා නැති බව කියමින්, කොළඹ මහාධිකරණය විසින් ඒවා ප්‍රතික්ෂේප කර තිබුණි.
අදාල නඩු හත ප්‍රතික්ෂේප කිරීම සිදුකර තිබෙන්නේ 2023 වසරේ මැයි මාසයේ 19 වන දා වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණු මෙම නඩු ප්‍රතික්ෂේප වීමෙන් පසු, වත්මන් අල්ලස් කොමිසම, මහධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරන ලදී.
ඒ අදාල නඩු නැවත ඇසීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමිනි.
ඒ අනුව, අල්ලස් කොමිසම, අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කර කරමින් යළි එම නඩු විභාග කිරීමට අවසර ලබා දී
අභියාචනාධිකරණ නියෝග වී තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු එරෙහි නඩු යළි අසන ලෙසයි.






