/ Jun 08, 2025

‘ශාන් සුද්දා’ නිලධාරීන්ගේ ඇස් වසා පැන ගිහින්

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශාන් සුද්දා’ නොහොත් සම්පත් කුමාර නැමැත්තා රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී පලාගොස් ඇතැයි වාර්තා වේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වැනිදා සිදුකළ විශේෂ වැටලීමක් අතරතුර වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශාන් සුද්දා යන අය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

ඒ අනුව සැකකරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර අද (03) උදෑසන ඉන් පළා ඔස් ඇත.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top