/ Apr 20, 2025

ආරක්ෂාව ඉල්ලූ ශානි පෙත්සමත් ඉල්ලා අස්කරගෙන – හේතුව මෙන්න

තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම ඔහු ඉල්ලා අස්කරගෙන තිබේ.

අද (25) පෙරවරුවේ එම පෙත්සම අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල වන ආර්. ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එම ඉල්ලීම ඉල්ලා සිටියේ.

සිය සේවාදායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවත්, ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පාර්ශ්ව වෙතින් එකඟතාවක් ඇති කරගෙන ඇති බැවින් එම කරුණු සලකා බලා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසාලා කාමර් මෙනෙවිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top