වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේ විහාරස්ථානයක වගාකර තිබූ ගංජා පැළ 571 ක් සමඟ හිමිනමක් පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේ වැඩ සිටි 24 හැවිරිදි වියේ පසුවන හිමිනමක් බව පොලිසිය පවසයි.
බෝගහකුඹුර පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක දී අදාළ විහාරස්ථාන භූමියේ වගාකර තිබූ අඟල් 06ක් පමණ උසැති මෙම ගංජා පැළ පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.
සැකකාර හිමිනම වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර, බෝගහකුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.