පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිඳ ද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.
සතිෂා නිලන්ති නමැති ඇය තුන් නිවුන් දරුවන්ගේ මවක්.
මියයන විට 42 හැවිරිදි වියෙහි පසු වූ අතර ඇය ද විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කර තිබුණි.
පසුගිය දා ආචාර්ය ගුනේන්ද්‍ර සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳගේ පවුලේ උදවිය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මධ්‍යම අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව තිබුණි.
ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් ආචාර්ය ගයන්ත ඒ මොහොතේම ජීවිතක්ෂයට පත්ව විය.
අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ, බිරිදගේ බාල සහෝදරයා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර බිරිඳගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.
එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආචාර්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා ද පසුගියදා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ අවසන් කටයුතු පෙරේදා (24) බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.