/ Oct 06, 2026

සිංගප්පූරු ගිහින් ආපූ ශිරන්තිට FCID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.

විදෙස් ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

ඇය පැමිණ තිබුණේ, ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කරමිනි.

පසුගිය සැප්තැම්බර් මස 16වැනි දින වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිටත්ව ගිය අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (05) අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top