/ Jan 23, 2026

කේප් ටවුන්හි වෙඩි තැබීමක්. 07ක් මරුට!

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරු පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේදීම ඔහු පළාගොස් ඇති බව සඳහන්.

කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන අදාළ වෙඩි තැබීම සිදුව ඇති අතර දකුණු අප්‍රිකාව තුළ සංවිධනාත්මක අපරාධවල වැඩි වීමක් සිදුව ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

අපරාධවලින් වෙහෙසට පත් මිලියන 63 ක ජනතාවක් සිටින රට මේ මොහොතේත් දැඩි කම්පනයකට ලක්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2025 වසරේ මුල් මාස නවය තුළ දකුණු අප්‍රිකාවේ මිනීමැරුම් 2,000 කට වඩා වාර්තා වී ඇති බවද දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top