/ Dec 06, 2025

දෙහිවල වෙඩි තැබීමක්. පුද්ගලයෙක් මරුට!

දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (06) රාත්‍රි‍ 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සක කරන අතර සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top