මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ අද (10) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වෙයි.





