කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද (08) දින සිදු කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එය සිදුව ඇත.
විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටි බව වාර්තා වන අතර කථානායකවරයාට එරෙහිව පවතින චෝදනාවන් සම්බන්ධ විධිමත් විමර්ශනයන් වෙනුවෙන් එලෙස ඔහුව එම ධූරයෙන් ඉවත් විය යුතු බවට විපක්ෂය පවසමින් තිබේ.





