/ Jun 09, 2026

මෘදුකාංග ඉංජිනේරුවා පාසල් දැරියන්ට හදි කරලා: දරුවන් ගැන වැඩියෙන් සොයා බලන්න!

පාසල් දැරියන් තිදෙනෙකු වරින් වර තම නිවෙස වෙත ගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට 30 වියැති විවාහක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

අතවරයට පත් බව කියන දැරියන් තිදෙනා, වයස 16 සහ 13 වයස්වල පසුවේ. වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සැකකරුගේ සුඛෝපභෝගී මෝටර් රිය සහ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන ඇත.

මීට වසරකට පමණ ඉහතදී දිනයක මෙම සැකකරු 16 වියැති දැරිය පා ගමනින් පාසල වෙත යද්දී, උදව් කරන මුවාවෙන් ඇය සිය රථයට නංවාගෙන මිතුරු වී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා ගණනාවකදී ඇය සිය නිවස වෙත ගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

එසේ ම මෙයට තෙමසකට ඉහතදී අදාළ දැරිය තවත් දැරියන් දෙදෙනෙකු මොහුට සම්බන්ධ කර දී තිබේ. සිය සේවාස්ථානයේදී ඔහු අනෙක් දැරියන් අපහරණය කළ බවයි පැවසෙන්නේ.

විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top