රථගාල් පාලනය කළමනාකරණය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, වාහනයක් නතර කළ පසු ගෙවෙන පළමු විනාඩි 10 සඳහා අයකිරීමක් නොකරන බවයි.
එමෙන්ම වාහනයක් රථගාල තුළ නවත්වන වේලාව සඳහන් කර චිට් එකක් ලබාදිය හැකි නමුත් රුපියල් 70ක මුදලක් ලබාගත හැක්කේ පළමු විනාඩි දහය ඉක්මවා ගියහොත් පමණක් බවත් පෝය සහ විශේෂ නිවාඩු දිනවල මෙම අයකිරීම් සිදු නොකරන බවත් නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.