/ Mar 25, 2025

ගනේමුල්ලේ ලදු කැලෑවක අඩක් පිළිස්සුණු මළ සිරුරක්

කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැළෑවක තිබී අද (15) උදෑසන නාඳුනන පුද්ගල මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ අඩක් පිළිස්සී ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් මෙලෙස හමුවූ බවයි.

ඊයේ (14) රාත්‍රී 8ට පමණ මෙම ස්ථානයේ ගින්නක් හටගෙන තිබූ බව ප්‍රදේශවාසීන් විසින් පවසන අතර ඒ මොහොතේ මෙම පුද්ගලයා මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top