ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඇමෙරිකාව ගරු කරන බවත් ඉරාන යුද නෞකා දෙකක් වන අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂර් නෞකාවල නාවිකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශිකා ටැමී බෲස් විදෙස් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
අයිරිස් ඩෙනා නෞකාව පසුගිය 4 වැනිදා ඇමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් මුහුදුබත් විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරාන නාවිකයන් 32 ක් බේරාගෙන තිබූ අතර තවත් මළ සිරුරු 84ක් සොයා ගනු ලැබීය. තවත් ඉරාන නෞකාවක් වූ අයිරිෂ් බුෂර් නෞකාවට මෙරටට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමට රජය තීරණය කළේ ය.
මෙරට සමහර අංශ ප්‍රකාශ කළේ, මෙම තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇමරිකාවේ උදහසට භාජනය විය හැකි බවත් ඉදිරියේදී බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට විය හැකි බවත්ය.





