/ Dec 06, 2025

දිට්වා ප්‍රචණ්ඩ වෙයි : ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුම වර්ෂාව ඉදිරිපිට!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්කේ ඇතිවූ දිට්වා නම් ලද සුළි කුණාටුව ඉදිරි පැය 48 ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කාලය තුළ එය ශ්‍රී ලංකාව හරහා ගමන් කරද්දී සුළං සහ දැඩි වර්ෂාපතනයක් ඇති වන බව කියති.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ රටට ලැබෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ ඇද වැටෙන බවයි. දිවයින පුරා බොහෝ ජලාශ සහ ගංගා දැනටමත් පිටාර තත්වයේ පවතින බැවින් ඉදිරියේ වැටෙන වැසි නිසා ඇති වන තත්වය අමුතුවෙන් කිව යුතු නොවේ.

වැසි සහිත කාලගුණය ඇරඹුණු නොවැම්බර් 16 වැනි දින සිට මේ දක්වා ඒ හේතුවෙන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේම පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top