/ Mar 25, 2025

ශ්‍රී ලංකන් ලොකු තනතුරකට විශේෂඥයෙක් පත් කරයි

Dimuthu Tennakoon Sri Lankan air line

ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති ගුවන් සේවා ව්‍යාපාරික විශේෂඥයෙකු වන දිමුතු තෙන්නකෝන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඊට පෙර ගුවන් සේවය තුළ විවිධ කළමනාකරණ භූමිකාවන් සහ විදේශ තනතුරු දරා ඇත.

බකිංහැම්ෂයර් නව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ජාත්‍යන්තර ශාස්ත්‍රපති උපාධියක් සහිත කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙකු වන දිමුතු තෙන්නකෝන් ශ්‍රී ලංකා ගුවන් සේවා නියෝජිත මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top