මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.
එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.