/ Apr 20, 2025

සැකකාර සංඝ ඝාතකයා පොලිස් දැලේ

අනු⁣රාධපුර, එප්පාවල පිහිටි අසපුවක වැඩසිටි හිමිනමක් එම විහරස්ථානය තුළදීම තියුණු ආයුධයකින් පහරදී පසුගියදා ඝාතනය කර තිබුණු අතර එම සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව කටුනායක ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන්.

හිමි නම ඝාතනයෙන් පසු අසපුවට අයත් ත්‍රිරෝද රථය එප්පාවල රෝහල අසල පෞද්ගලික ඉඩමක දමාගොස් තිබියදී පොලීසිය සොයාගත් අතර එහි රියදුරා අතුරුදන්වී සිටියේය.

අනතුරුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මත අතුරුදන්වූ පුද්ගලයාගේ දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව අනාවරණ වී තිබුණේ ඔහු කටුනායක ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළ බව පිළිගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ භික්ෂුව සමග අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් ඝාතනය සිදුකර පලාගිය බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top