/ Jan 29, 2026

කාන්තා හා ළමා ආරක්ෂණය වෙනුවෙන් නව නීති සහ සංශෝධන ගෙන ඒමට පියවර!

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව මෙම වසර තුළදී නව නීති කිහිපයක් හඳුන්වාදීමටත්, දැනට පවතින නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර තිබේ.

මෙමගින් නව නීති කිහිපයක් හඳුන්වාදීම සහ පවත්නා නීති සංශෝධනය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව,ළමයින්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කරන නව නීතියක් හඳුන්වාදීම, ‘ළමා අයිතිවාසිකම් පනත’ ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුගතව නව පනතක් හඳුන්වාදීම, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට නව පනතක් හඳුන්වාදීම, කැපකරු මාපිය රැකවරණ සඳහා නව නීතියක් සම්පාදනය කිරීම, 1939 අංක 48 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම, 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥාපනත සංශෝධනය කිරීම හා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනත සංශෝධනය කිරීම ඊට ඇතුළත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top