ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ලොව පුරා කොටස් වෙළෙඳපොළේ පසුබෑමක් ද වාර්තා වී තිබේ.
තෙල් මිලත් සමඟ ආයෝජකයින් දක්වන ප්‍රතිචාරය සහ යුදමය වශයෙන් පවතින අස්ථාවරභාවය හමුවේ ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ FTSE 100 දර්ශකය ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු කිහිපය තුළදී 1.4% කින් පහත වැටී තිබේ.
මීට පෙර ආසියානු රටවල කොටස් වෙළෙඳපොළවල් ද දැඩි ලෙස පහත වැටුණු අතර, ජපානයේ Nikkei 225 දර්ශකය 5% කට වඩා වැඩි අගයකින් පහත වැටෙමින් දිනක ගනුදෙනු අවසන් කර තිබුණි.
දකුණු කොරියාවේ Kospi දර්ශකය එක් අවස්ථාවකදී 8% කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටුණු අතර, ඒ හේතුවෙන් මිනිත්තු 20ක කාලයක් සඳහා ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
කෙසේවෙතත් අවසානයේදී Kospi දර්ශකය 6%ක පහත වැටීමක් සමඟින් දිනක ගනුදෙනු අවසන් කර තිබේ.





