/ Apr 20, 2025

ගොවීන්ට දුන් පොහොර සහනාධාරයෙනුත් හොරා කාලා !

රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති බවත් එම මුදල් වංචනික ලෙස හොරකම් කර ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න අද (18) පාර්ලිමේන්තුවේ දී ඒ බව පැවසීය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බවය.

අදාළ සිද්ධියට එක් නිලධාරිනියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top