/ Apr 20, 2025

දේශබන්දුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් හොඳට සලකලා!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවීම් කළ ලැයිස්තුවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමත් ඇතුළත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අනාවරණය කළේය.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම මේ බව පැවසීය.

ඔහු පෙන්වාදුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මසකට රුපියල් ලක්ෂ එකහමාරක්, පෙට්‍රල් ලීටර් 200ක්, ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයක් ලබාදීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන ඇති බවයි.

එසේම ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් සිදු කරනු ලබන ජඩ වැඩ වසා ගැනීම සඳහා මෙලෙස පොලිස්පතිවරයාට අල්ලස් ලබා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top