හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බවට තමන් ප්‍රකාශ කළේ තමන්ට ඇති විශ්වීය බලයකින් බවත් විශ්වයෙන් ලැබුණු පණිවිඩයක් මත තමන් එම ප්‍රකාශය කළ බවත් යූටියුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරි වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා නිසැකවම අත්අඩංගුවට පත්වන බව හෙතෙම පසුගිය දා කියා සිටි අතර මේ ගැන සමාජයේ කතාබහකට ලක් විය. ඒ අධිකරණ සහ නෛතික ක්‍රියාමාර්ග මෙසේ පෙර දැක්වීම සම්බන්ධයෙනුයි. සුදත්ත තිලකසිරි ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වූ ජනපතිවරණයේදී ඍජුව ඔහුට සහය පළ කළ අතර පසුව පැවැති ජනපතිවරණයේදී අනුර දිසානායක වත්මන් ජනපතිවරයාට සහය පළ කරනු ලැබීය. ඔහුට ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයෙන් ලබා දී ඇතැයි ද පැවසිණ.
කෙසේ වෙතත් එම වීඩියෝවන් සුදත්ත පවසන්නේ, ජනාධිපති අනුර දිසානායක ජනපතිවරයා තමන්ට ඒ හා සම්බන්ධ කිසිදු දෙයක් පවසා නැති බවයි.