/ Dec 08, 2025

ආපදාවට දුන් ලක්ෂ 25ක් ගසා කාලා : ඉතාලි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට චෝදනා!

රටට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා අවතැන් වූවන්ට සහන සැලසීමට යැයි පවසා ඉතාලියේ වෙසෙන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු පරිත්‍යාගශීලීන් ලබා දුන් මුදල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වංචා කර ඇතැයි එසේ මුදල් ලබා දුන් පිරිස් චෝදනා කරති.

මෙම පුද්ගලයා විසින් මුදල් ලබා ගැනීම සඳහා තම පෞද්ගලික ගිණුම් අංකය ලබා දී තිබු අතර ඔහු භාණ්ඩ ලබාගත් බව කියන වෙළෙඳසැල්වලට අදාළ බිල්පත් පරීක්ෂාවේදී එවැනි ආපනශාලා හෝ වෙළෙඳසැල් නොමැති බව හෙළිව ඇතැයි ඔවුහු පවසති.

කෙසේ වෙතත් මෙලෙස කූට ලෙස කටයුතු කරන පුද්ගලයන්ට හසු නොවෙන ලෙසත් විශ්වාසදායක සංවිධානයක් හෝ රජය හරහා තම පරිත්‍යාගයන් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top