ඇම්ස්ටර්ඩෑම්හි රික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති වසර 200ක් පමණ පැරණි භාවිත කළ හැකි තත්ත්වයෙන් තවමත් පවතින කොන්ඩමයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
එය බැටළුවෙකුගේ ශරීර කොටස් යොදා ගනිමින් සාදා ඇතැයි සැලකෙන අතර එහි කන්‍යා සොහොයුරියක් සහ පූජකවරුන් තිදෙනෙකු සිටින අයුරු දැක්වෙන පැහැදිලි මුද්‍රණයක් ද ඇත.
මෙම කොන්ඩමේ ඇති මුද්‍රණයෙන් දැක්වෙන්නේ පිරිමි තිදෙනා ඉදිරිපිට වාඩි වී සිටින කන්‍යා සොහොයුරිය ඇගේ ඇඳුම ඉහළට ඔසවාගෙන සිටින ආකාරයයි.
කොන්ඩමයේ “Voilà mon choix” නමින් වචන පෙළක් ද ඇති අතර, එහි තේරුම වන්නේ “මේ මගේ තේරීම” යන්නයි.
කෞතුකාගාරය සඳහන් කළේ, මෙම මුද්‍රණය “බ්‍රහ්ම චර්යාව සහ ග්‍රීක මිථ්‍යා කථාවල ඇති පැරිස් විනිශ්චය යන දෙකෙහි ම හාස්‍යමය නිරූපණයක්” ලෙස සැලකිය යුතු බව ය.
එසේම පැරිස් විනිශ්චය අනුව, හේරා සහ ඇතීනා අතරින් ලස්සන ම දේවතාවිය කවුදැයි තීරණය කිරීමට සිදුවූ පැරිස් නම් ට්‍රෝජන් කුමාරයෙකුගේ මිථ්‍යා කතාව මෙලෙස චිත්‍රණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම දුර්ලභ කෞතුක වස්තුව 1830 දී පමණ නිර්මාණය කර අතර එය පසුගිය වසරේ වෙන්දේසියක දී කෞතුකාගාරය විසින් මිලදී ගන්නා ගත් බව සඳහන්.
මෙම කොන්ඩමය 19 වන සියවසේ ගණිකා වෘත්තිය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයකට තබා ඇති බවත් මුද්‍රණ, චිත්‍ර සහ ඡායාරූප ද ප්‍රදර්ශනයට තබා ඇති බවත් වාර්තා වේ.
ඊට අමතරව මෙය ප්‍රංශයේ සුඛෝපභෝගී ගණිකා නිවාසයකින් ලැබුණු “සුඛෝපභෝගී සිහිවටනයක්” යැයි විශ්වාස කරන බවත්, අද දක්වා ඉතිරිව ඇත්තේ එවැනි වස්තූන් දෙකක් පමණක් බවත් වාර්තා වේ.
මෙම ඉපැරණි කොන්ඩමය නොවැම්බර් මස අවසානය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන්.