/ Jan 23, 2026

සහන රැගත් 09 වෙනි ගුවන් යානයත් ඉන්දියාවෙන් එයි!

ඉන්දියාව විසින් නම් කර ඇති ” සාගර බන්ධු ” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානය තුළ අඩි 110 ක් දිගැති, මෙට්‍රික් ටොන් 65 ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් සමඟ ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13 දෙනෙකු ද පැමිණ සිටිති.

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top