/ Dec 06, 2025

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලනය වේගවත් වෙලා.නෑ කිව්වට බෙහෙතුත් නෑ – සජිත්

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලනය වේගවත් බවත් ආර්ථික අර්බුධයට පෙර වසරකට වෛද්‍යවරු 200ක් විදෙස් ගත වුවත් 2022 සහ 2023 කාලයේ වෛද්‍යවරු 1800ක් විදෙස්ගතව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

මෙය නැවැත්වීමට රජය පියවර ගත යුතු බවත් ඒ සදහා බදු සහන ඇතුළු තවත් සහන ලබා දෙන යෝජනා රාශියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට ලබා දෙන වාහන පර්මිට් වෘත්තීයවේදීන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

කවුරු ආණ්ඩු කලත් මේ වෘත්තීයවේදීන් රට අතහැර ගියොත් රට කඩා වැටෙන බවත් උද්දච්ච නොවී මේ යථාර්ථය අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් රටේ දුප්පත්කම එන්න එන්න වර්ධනය වීම පවා රජයේ ඇමතිවරු නොදන්නා බවත් විපක්ෂ නායකයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ජාතික වශයෙන් හිග බෙහෙත් රාශියක් ඇති බවට වෛද්‍යවරු පවසන බවත් ඔහු කියාසිටියේය.

ජාතික රෝහලේ දැන්වීම් පුවරුවේ දක්වා ඇති දැන්වීමක් අනුව පරීක්ෂණ රාශියක් සම්පත් නොමැති නිසා සිදු නොකරන බවත් මේවා ජිවිත ආරක්ෂා කරන බෙහෙත් සහ පරීක්ෂණ බවත් මීට අමතරව තවත් ගැටලු රාශියක් ඇති බවත් සමහර පරීක්ෂණ කටයුතු පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවත් දැන් බලන විට 76 වසරක සාපය ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ සිට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top