/ Aug 29, 2026

රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් යයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස්හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.

එමකොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇත.

යහපාලන රජය සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී, සිය විෂය පථයට අයත්ව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයට බදවාගත් සේවකයන් පස් දෙනෙකු, සිය පෞද්ගලික වැඩ කටයුතු යොදා ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැදවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top