/ Aug 25, 2026

අන්තරායකර ඖෂධ වර්ග ආඥා පනත’ සංශෝධන කෙටුම්පත ගසට්ටුවට යයි!

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නියෝග පරිදි විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ(24) අදාළ ගැසට් පත්‍රය පළකර ඇත.

මෙම කෙටුම්පත මගින් පෙර පැවති පනතට අදාළව සංශෝධන කිහිපයක් සහ නව යෝජනා කිහිපයක් ඇතුළත් කිරීමට නියමිත අතර ඒ අනුව අදාළ ආඥා පනතේ 54 වන වගන්තියේ පළමුවන උප වගන්තියේ පැවති හෙරොයින්, කොකේන්, මොෆීන්, අබිං යන වචනවලට අමතරව මෙත්ඇම්පිටමින් යන වචනය ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබාදෙන දඩුවම් සම්බන්ධයෙන් ද පෙර පැවති ආඥා පනතට මෙම කෙටුම්පත මගින් නව සංශෝධන ඉදිරිපත් කරනු ඇති.

ඊට අමතරව මත්ද්‍රව්‍ය වරදකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී විමර්ශන නිළධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top