හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුවට වෙඩි තබා පහරදී, ලිපිගොනුවක් පැහැරගැනීමේ සිද්ධිය තනිකරම නාටකයක් බව හෙළිවෙමින් පවතින බව වාර්තා වේ.
මේ සිද්ධියට සම්බන්ධ සියල්ලො නුදුරේදීම අත්අඩංගුවට පත් වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට උක්ත සිද්ධියට අදාළව සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ කුලී වෙඩික්කරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 2ක් ගෙවා ඇති බවයි. එය ගෙවා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෝපි කඩේ අප්පුවා ලෙස රඟපෑ අයගේ පුත්‍රයා බවත් එම මුදල් ඩුබායි සිට ගෙවා ඇති බවත් හෙළිව ඇත.
මෙම නාටකය සැලසුම් කළ අය සහ ඩුබායි පාතාලයන් අතර ඇති සම්බන්ධයද ඉක්මනින් හෙළිදරව් වනු ඇතැයි පැවසේ.
ජනපතිවරයා ග්‍රීසියේ ව්‍යාපාරයක බිලියන ගණනක් මුදල් ආයෝජනය කර ඇතැයි තුසිත හල්ලොලුව පැවසූ අතර මෙය ආන්දෝලනයක් ඇති කෙරිණ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 7ක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් අතර මෙම සිදුවීම සිදු වූයේ ඉන් පසු දිනකයි.
වෙඩික්කරුවන් තමා සතුව තිබූ සාක්ෂි පැහැරගෙන ගිය බව හල්ලොලුව කියා සිටියේ ය.