පෙරේදා (18) රාත්‍රියේ මිද්දෙණියේ සිදු වූ වෙඩි තැබීමකින් අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සහ ඔහුගේ සිඟිති දියණිය සහ පුත්‍රයාද මරුමුවට පත්ව විය.
හයක් හතරක් නොදන්නා තම සිඟිති දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් අරුණගේ බිරිඳ විසින් හද කම්පා කරවන ෆේස්බුක් සටහනක් තබා ඇත්තේ මෙලෙසිනි.
“දරුවෝ දෙන්නට වෙඩි තිව්ව කෙනාට ආදරෙන් කියන්නේ මටත් මගකදි වෙඩි තියලා යන්න. මගේ කොල්ලා මගේ ජීවිතේ… පණ අදින මගේ කොල්ලා වෙනුවෙන් අනේ ඔයාලා පිං අනුමෝදන් කරන්න…. මාව දාලා ගියපු චූටි දූ ගියේ මගේ හුස්මත් අරං…..එයාලා දෙන්නට වෙඩි තිබ්බ සතාට කියන්නේ උන් දෙන්නගේ පොඩ්ඩටත් තියලා යන්න”
ටී 56 වර්ගයේ ගිනි අවියකින් මේ තිදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වෙඩි තැබීම සිදු කර ඇත.