ඵලදායී රාජ්‍ය සේවයක් ලබාදීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නිකුත් කර තිබේ.
මෙම ඒකකය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය ආයතන තුළ දූෂණ වැළැක්වීම, අඛණ්ඩතාව පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම සහ අල්ලස් කොමිසම සමඟ සහයෝගයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වීමයි.
මූලික පියවරක් ලෙස සියලුම කැබිනට් අමාත්‍යාංශවල, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මෙම ඒකක පිහිටුවීමට උපදෙස් දී ඇත.