/ Mar 20, 2026

සූකර ගොවිපොළ වෙත ලැබෙන අලුත්ම ප්‍රතිලාභය!

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්“ හඳුන්වාදී තිබේ.

මේ අනුව ව්‍යාපාරික මට්ටමින් සූකර සත්වයන් පාලනය කරනු ලබන සූකර ගොවිපොළ වල අභිජනන සත්වයන් සඳහා මෙම රක්ෂණ ආවරණය ලබාදීම සිදුකරනු ලැබේ.

මෙම රක්ෂණ ආවරණය යටතේ හදිසි අනතුරු හේතුවෙන් සහ සූකර සත්වයන් සඳහා ඇතිවෙන රෝග මඟින් සිදුවන මරණ ආවරණය කරනු ලැබේ.

මෙහිදී වයස මාස 06 සිට අවුරුදු 4 ½ ක් දක්වා වූ සූකර අභිජනන සත්වයන් සඳහා මෙම රක්ෂණ ආවරණය ලබාගත හැකිය.

මෙහිදී අභිජනන සත්වයෙකුගේ වටිනාකම උපරිමය රු.200,000/- හෝ ආදේශන පිරිවැය හෝ නිෂ්පාදන පිරිවැය අනුව රක්ෂණාවරණය ලබා ගැනීමට හැකියාවක් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top