පසුගිය පැය 12ක කාලයත් මැද පෙරදිග ඇමරිකා – ඊශ්‍රායෙල ඇලිය විසින් ආරම්භ කළ යුද්ධයේ තීරණාත්මක තත්වයක් ඇති වී තිබේ. ලෝකයේ බොහෝ කටයුතු මේ හේතුවෙන් අකර්මණ්‍ය වී තිබේ. එසේ ම ලොව පුරා ජනතාව සිටින්නේ මේ සම්බන්ධයෙන් ආතතියෙනි.
මේ එම ගැටුමේ 5 වැනි දිනයයි. මේ වන විට ඉරානයේ ආධ්‍යාත්මික නායකයා සහ ඔහුගේ පවුලේ කුඩා දරුවන් පවා මරා දමා ඇති අතර රෝහල්, කඩසාප්පු, නිවාස, පාසැල් ආදියට එල්ල වූ ඇමරි-ඊශ්‍රායෙල් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1045 දෙනෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ගාල්ල ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ දී එක්සත් ජනපද සබ්මැරීනයක් ඉරාන නාවික නෞකාවක් වන IRIS Dena ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් කිරීමෙන් අවම වශයෙන් නැවියන් 87 දෙනෙකු මිය ගිය අතර, දිවි ගලවාගන්නා ලද්දේ 32ක් පමණි.
ඒ අතර හිස්බුල්ලා ඉලක්ක වෙත යැයි කියමින් ඊශ්‍රායෙලය ලෙබනනය වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබේ. හිස්බුල්ලා යැයි කියන ස්ථාන කිහිපයකින් ජනතාවට ඉවත් වෙන ලෙසද ඔවුන් දැනුම් දී තිබේ.
ඉරාන ප්‍රහාර නතර කළ යුතු යැයි එක්සත් ජනපද සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූයේ ට්‍රම්ප්ට ජය හිමි කර දෙමිනි.හෝම
හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ගෝලීය තෙල් සහ ගෑස් සැපයුමට බාධ එල්ල වී තිබේ.





