/ Nov 17, 2025

රනිල්ට එරෙහි පොදු දේපල අවභාවිතය නඩුව හෙට යළි කැඳවයි!

පොදු දේපල අවභාවිතය යන චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි පැමිණිල්ල හෙට (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි.

එංගලන්තයේ වුල් හැම්ප්ටන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ගොස් දවස් එක හමාරක කාලයක් සඳහා රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වැයකර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා එම නඩුව කැඳවනු ලබයි.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදුව අනතුරුව ඇප මත නිදහස්ව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top