/ Nov 18, 2025

සීතාවක සභාවේ සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා!

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ.

ඒ අනුව පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව අදාළ ලිපිය මන්ත්‍රීවරයා නිකුත් ඇත.

එම ලිපියෙන් දක්වා ඇත්තේ අද (18) සීතාවක ප්‍රාදේශීය සභාවේ පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සහ / හෝ පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් මහතා සහාය දක්වා ඇති බවයි.

පක්ෂය විසින් දැනුම්දී තිබූ තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් වන හෙයින් මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවන බව එම ලිපියේ දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top