/ Jun 20, 2025

කොළොන්නාවේ බලය මාලිමාව අල්ලයි ; සජබ මන්ත්‍රීලත් සහාය දීලා

කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

කොළොන්නාව නගර සභාවේ ආසන 9ක් මාලිමාවට හිමිව තිබූ අතර, විපක්ෂයට ආසන 10ක් හිමිව තිබුණි.

ඒ අනුව, අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දී උණුසුම් තත්ත්වයක් ද හට ගැණුනි.

කෙසේවෙතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනෙකු සභාවෙන් පිටව ගිය අතර, සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කර තිබුණි.

ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ, සභාපතිවරයා ලෙස තේරී පත්විය.

එහි උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමිවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top